කොවිඩ් රෝගීන් කළමනාකරණයට අවශ්‍ය පහසුකම් සැපයීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 125ක්

    August, 24, 2021

    "සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" යටතේ ආසියානු සංවර්ධන බැංකුවෙන් අතිරේක මූල්‍යකරණ පහසුකමක් ලබා ගැනීම
    වඩාත් පුළුල් ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතියක් සඳහා ප්‍රවේශය සහිත සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහි කිරීමේ අරමුණින් "සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" ක්‍රියාත්මක කිරීම පිණිස, ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇ‍ෙමරිකානු ඩොලර් මිලියන 37.5ක ණය මුදලකින් සහ අමෙරිකානු ඩොලර් මිලියන 12.5ක ප්‍රදානයකින් සමන්විත අමෙරිකානු ඩොලර් මිලියන 50ක අරමුදල් ශ්‍රී ලංකාව වෙත ලබා දී තිබේ.
    රට තුළ පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන, රජයේ ඉල්ලීම මත ඉහත කී මුදලින් ‍අමෙරිකානු ඩොලර් මිලියන 15ක් කොවිඩ් - 19 ආශ්‍රිත ක්‍රියාකාරකම් සඳහා දැනටමත් වෙන් කර දී ඇත.
    එයට අමතරව, කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් වැඩි වන රෝගීන් කළමනාකරණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස "සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය" යටතේ ඇ‍ෙමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 125ක අතිරේක මූල්‍යකරණයක් සලසා දීමට ආසියානු සංවර්ධන බැංකුව විසින් එකඟතාව පළ කර තිබේ.
    ඒ අනුව, එම අරමුදල් සලසාගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ සාකච්ඡා සම්මුති පැවැත්වීම පිණිස සෞඛ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.