කොවිඩ් 19 කල්තබා හඳුනාගැනීම සඳහා ඇමරිකාව RDT කට්ටල 500,000ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරයි

    July, 22, 2021

    ඒක්සත් ජනපදය, කොවිඩ් 19ට ඒරෙහි සටනේ දී ශ්‍රී ලංකාවට සහාය දීමේ ‌පොරොන්දුවෙහි කොටසක් ලෙස කඩිනම් රෝග විනිශ්චය පරීක්ෂණ කට්ටල (Rapid Diagnostic Tests - RDTs) 500,000 ක් පරිත්‍යාග කරන ලදී. ශ්‍රී ලංකා මුදලින් රු. මිලියන 300 ක් වටිනා (ඇ.ඩො. මිලියන 1.5) මෙම පරීක්ෂණ කට්ටල, ඒක්සත් ජනපද රජයේ සංවර්ධන ආයතනය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඒක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාරදෙන ලදී.

    මෙම ජූලි මස 16 දින ඇමරිකානු ජනතාව ශ්‍රී ලංකාවට පරිත්‍යාග කළ, මිලියන 1.5 ඉක්මවන මොඩර්නා ඒන්නත් ප්‍රමාණයට අමතරව ලබා දෙන පරිත්‍යාගයක් වේ.