කොළඹ ඉඩම් මිල සෙමින් සෙමින් ඉහළට

    February, 26, 2021

    කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය 2020 වසරේ දෙවන භාගයේ දී සියයට 4.6ක වාර්ෂික වර්ධනයක් සමඟ 145.2ක අගයක් වාර්තා කළේ ය. එසේ වුව ද, ඉඩම් තක්සේරු දර්ශකයෙහි වාර්ෂික වර්ධනය පසුගිය කාල පරිච්ඡේදයන්හි දක්නට ලැබුණු පහළ යෑමේ ප්‍රවණතාවට අනුකූල විය. තව ද, 2020 වසරේ පළමු භාගයට සාපේක්ෂ ව 2020 වසරේ දෙවන භාගයේ දී ඉඩම් තක්සේරු දර්ශකය සියයට 2.5කින් වර්ධනය වී ඇත.

    ඉඩම් තක්සේරු දර්ශකයෙහි වර්ධනය සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන ඉඩම් තක්සේරු අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතුවිය. නේවාසි‍ක ඉඩම් තක්සේරු අනු දර්ශකය මගින් වැඩිම වාර්ෂික වර්ධනය වන සියයට 4.7ක අගය වාර්තා වූ අතර, අනුපිළිවෙලින් කාර්මික සහ වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකයන්හ ද වර්ධනයක් දක්නට ලැබුණි.