කොළඹ උද්ධමනය 8%ක් දක්වා ඉහළට

    August, 31, 2026

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.3හි සිට 2026 අගොස්තු මාසයේ දී සියයට 8.0 දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

    එහිදී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 6.3හි සිට 2026 අගොස්තු මාසයේ දී සියයට 8.5 දක්වා ඉහළ ගිය අතර, එය මතුපිට උද්ධමනය ඉහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් දායක විය.

    වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත, ආහාර නොවන උද්ධමනය 2026 ජූලි මාසයේ දී වාර්තා වූ සියයට 7.8හි සිට 2026 අගෝස්තු මාසයේ දී සියයට 7.7 දක්වා සුළු වශයෙන් පහළ ගොස් තිබේ.