කොළඹ – මහනුවර බහුමහල් රථගාල් ව්‍යාපෘති සඳහා ආයෝජකයින්ට ආරාධනා

    September, 21, 2021

    කොළඹ 10, රෝහල් චත්‍රරශ්‍රය, නොරිස් ඇළ පාරේ සහ මහනුවර ‌බෝගම්බර, බහුමහල් රථගාල සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘති දියත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබේ. මේ සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

    කොළඹ ව්‍යාපෘතියේ ඉඩම් ප්‍රමාණය රූඩ් 3 යි පර්චස් 0.35 ක් වන අතර මහනුවර ව්‍යපෘතිය සඳහා අක්කර 1 යි පර්චස් 16.60 ක ඉඩමක් මේ සඳහා වෙන් කර ඇත. මෙම ආයෝජන අවස්ථා වසර 30 ක බදු පදනමක් මත ක්‍රියාත්මක වේ.

    රුපියල් මිලියන 925 ක පදනමක් මිලක් කොළඹ බහුමහල් රථගාල සහ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියට නියම කර ඇති අතර මහනුවර ව්‍යාපෘතියේ පදනම් මිල රු. මිලියන 706 කි.

    Video Story

    Stock Market

    Exchange Rates