August, 30, 2021
ඉන්දියාවේ Adani Ports and Special Economic Zone විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු දෙසැම්බර් මාසයේ දී ආරම්භ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර සිටී.
මෙය 'අදානි' විසින් මියන්මාරයේ සිදුකළ ව්‍යාපෘතියට පසු දියත් කරන විශාලතම ව්‍යාපෘතිය වන අතර ඇමරිකානු ඩොලර් මිලියන 675.68 ක් ඒ සඳහා ආයෝජනය කිරීමට නියමිතය.
බටහිර පර්යන්තේ හිමිකාරීත්වයෙන් 51% ක කොටස් අයිතිය Adani Ports and Special Economic Zone සතු වන අතර මෙරට ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම 34% ක කොටස් අයිතිය දරනු ලබයි. ඒසේම ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15% ක කොටස් අයිතියක් හිමිය.
වසර 35 ක BOT ආයෝජන ව්‍යාපෘතියක් වන මේ සඳහා ඒළඹෙන නොවැම්බර් මාසයේදී අත්සන් කිරීමට නියමිත බව අදාළ මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story