කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය

    March, 24, 2021

    කොළඹ වරාය නගරය ලෙස හැඳින්වෙන විශේෂිත ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා 2021 ජනවාරි මස 04 දින අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දෙන ලදී.

    ඒ අනුව, ඒ සඳහා අවශ්‍ය කෙරෙන නීතිමය ප්‍රතිපාදන ලැබීම සඳහා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂම පනත් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදන විසින් සකස් කරනු ලැබ ඇත.

    එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.