කෝප් සහ කෝපා කමිටු හමුවට ආයතන හතරක් මේ සතියේ කැඳවයි

    April, 20, 2021

    පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) හමුවට මේ සතිය තුළ ආයතන හතරක් විමර්ශන කටයුතු සදහා කැදවා ඇති බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
    මේ අනුව පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව ( කෝප් කමිටුව) හමුවට අප්රේල් 22 වන දින ශ්රී ලංකා පාපන්දු සම්මේලනය ද අප්රේල් 23 වන දින ජාතික චිත්රපට සංස්ථාව ද කැදවා ඇත.
    තවද රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා කමිටුව) හමුවට අප්රේල් 21 වන දින ‘මුතුරාජවෙල තෙත්බිම සංරක්ෂණය’ පිළිබද සාකච්ඡා කිරීම සදහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව නැවත කැදවීමට නියමිත අතර ‘අයකරගැනීමට නියමිත බදු සහ දඩමුදල්’ පිළිබද විමර්ශනය සදහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අප්රේල් 23 වන දින නැවත කැදවීමට නියමිතය.
    තවද රජයේ ගිණුම් පිළිබද කාරක සභාව මගින් විශේෂ කාර්යන් සදහා ගෙන්වන වාහන ද්විත්ව කාර්ය වාහන ලෙස ලියාපදිංචි කිරීම සහ H.S කේත ( HS codes) පිළිබද විමර්ශනය සදහා පිහිටවු උප කමිටුව හමුවට අප්රේල් 20 වන දින අදාළ ආයතන කැදවා ඇත.