චීනයෙන් ශ්‍රී ලංකාවට ‌රෙන්මිඹි බිලියන 2 ක්

    August, 17, 2021

    ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය, රෙන්මිඹි බිලියන 2 ක (දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5 ක) කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට ඒළඹි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් මගින් දැනුම් දී සිටී.

    ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයට ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වෙනුවෙන් සහ ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරභාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම යන අංශ වෙනුවෙන් මෙම මූල්‍ය පහසුකම ලබා දීමට චීන සංවර්ධන බැංකුව කටයුතු කරනු ඇත.