November, 10, 2022
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙත සහයෝගය ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා ගත යුතු නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිහ මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ අද (10) පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ දී සභාව අමතමිනි.
ඉන්දියාව සහ චීනය සමඟ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් ආරම්භ කර ඇති අතර එම සාකච්ඡා දෙසැම්බර් මාසය වන විට අවසන් කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා සිටියේය.
"මට අවස්ථාව හම්බුනා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව හම්බවෙන්න. එතුමිය එක්ක සාකච්ඡා කරා මේ සම්බන්ධයෙන්. අපිට සහයෝගය දෙනවා කිව්වා. ඉතින් කිසිම සැකයක් තියන්න එපා. අපිට දැන් තියෙන්නේ ඉන්දියාවයි චීනයයි එක්ක සාකච්ඡා කරලා අවසන් කරන්න. චීනය අපිට කිව්වේ පක්ෂ සම්මේලනයෙන් පස්සේ ආරම්භ කරන්න කියලා. ඒක ආරම්භ කරලා තියනවා. ඉතින් අපි ඒ ගැන බලලා අපි ක්‍රියාත්මක කරමු. රටවල් දෙකෙන්ම ඉල්ලන්නේ අපිට දෙසැම්බර් මාසය වෙනකොට අපි බලමු මේක අවසන් කරන්න කියලා. ලෝක බැංකුවේ සභාපතිතුමත් හමුවුණා. මම මේ ගැන දීර්ඝ වශයෙන් කතාකරන්න යන්නේ නැහැ."
Video Story