ජාතික ඩිජිටල්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකු සහාය

    April, 27, 2021

    තාක්ෂණය පාදකකරගත්  ආර්ථිකයක් සදහා ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ජාතික ඩිජිටල් සංවර්ථන (Transformation) නව සැලසුම්  ලෝක බැංකු නියෝජිතයින්ගේ ඇගයුමට ලක්වේ.  මෙම සැලසුම් ක්‍රියාත්මක කිරීම සදහා පාර්ශවකරුවෙකු ලෙස අවශ්‍යය සහාය ලබා දීමට ඉදිරියේදී කටයුතු  කරන බව ලෝක බැංකු නේවාසික කළමණාකාරිනී චියෝ කන්දා (Chiyo  Kanda)  මහත්මිය ප්‍රකාශ කරන ලදී.

    ලෝක බැංකු කලාපීය නියෝජිතයින් තාක්ෂණ අමාත්‍යංශය හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  සමග පැවති සාකච්ඡාවකදී මෙම අදහස් ප්‍රකාශ කෙරිණි. සාකච්ජාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේදී පැවැත්විණි.

    නව තාක්ෂණ අමාත්‍යංශයේ කාර්යභාරය ප්‍රමුඛතා හා අභියෝග පැහැදිලි කිරීමත් දැනට ක්‍රියාත්මක ඩිජිටල් සන්වර්තන  ක්‍රියාවලියට ලෝක බැකු සහාය ලබා දෙන්නේ කෙසේද යන්නත් සාකච්ජා කිරීමත් මෙම හමුවේ අරමුණ විය.

    තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත ද සිල්වා මහතා පෙන්වා දුන්නේ ඩිජිටල් සංවර්ථන සැලසුම් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මානව සම්පත් හා ආයතනික යටිතල පහසුකම් සැපයීම දැනටමත් අවසන් කර ඇති බවයි. ඩිජිටල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමෙන් ආර්ථිකයේ සියලුම අංශවල අන්තර්ග්‍රහණය, කාර්යක්ෂමතාව සහ ඵලදායීතාවය වැඩිදියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව ලේකම්වරයා තවදුරටත් විස්තර කළේය. ඔහුට  අනුව වඩාත් ප්‍රමුඛතා ව්‍යාපෘති වන්නේ ග්‍රාම නිලධාරි කොට්ඨාශ  14,000 ක් පරිගණක ජාල ගත කිරීම, ඩිජිටල් අධිකරණ කළමනාකරණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ ජාතික ඩිජිටල් හැඳුනුම්පත සංවර්ධනය කොට හදුන්වාදීමයි.

    ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, ඩිජිටල් පරිවර්තන උපාය මාර්ගයේ දැක්ම සහ අපේක්ෂිත ප්‍රතිඵල පැහැදිලි කළ අතර ඔහුට අනුව එහි ප්‍රධාන කුළුණු වන්නේ ඩිජිටල් රාජ්‍යය, ඩිජිටල් ආර්ථිකය සහ ඩිජිටල් නීති සහ ප්‍රතිපත්ති ය. තාක්‍ෂණය අධීක්‍ෂණය සහ ඇගයීම ඵලදායිතාව ආරක්ෂා කරගැනීමේ උපායමාර්ග  වන අතර අනෙකුත් රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර ඩිජිටල්කරණ ක්‍රියාවලීන් සඳහා සහාය වීම ද  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ කර්ය්යභාරයයි. එමගීන්  ඩිජිටල් රාජ්‍යයක් තුළ  පුරවැසි කේන්ද්‍රීය හා ව්‍යාපාරික හිතකාමී සේවාවන් සැපයීම සහ සමාජයේ සැම ජනකොටසකටම තාක්‍ෂණික ප්‍රතිලාභ සමව ලබාදීමේ  ක්‍රමවේදයන් සහතික කිරීමයි. තාක්ෂණ පාදක අපනයන කර්මාන්ත ඉදිරියට ගෙනයාම  ඩිජිටල් ආර්ථික කුළුනේ අරමුණ වන අතර එමගින්  2024 වන විට ඇ.ඩො.බිලියන තුනක් (03) ආයෝජන  ආර්ථිකයට එක්කිරීම් අපේක්ෂාවයි.  ලෝක බැංකු නේවාසික කළමනාකාරිණී චියෝ කන්දා මහත්මිය ප්‍රකාශ කළේ තම කණ්ඩායමේ අන්තර් ජාතික අත්දැකීම් මෙම සැළසුම් ක්‍රියාත්මක කිරීමේදී යොදා ගැනීමට හැකි බවයි.

    සැලසුම් සහගත ඩිජිටල් උපාය මාර්ග සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා ලෝක බැංකුව සමඟ ඇති කරගන්නා මෙම  සහයෝගිතාවය අපේක්ෂිත  ජාතික අරමුණු කරා යාමට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇති බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බි හේරත් මහතා  සඳහන් කළේය. එහි අධීක්ෂණ සහ ඇගයීම අධ්‍යක්‍ෂ ජගත් සෙනවිරත්න මහතා සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශකලේ මෙම වැඩපිළිවලට සමගාමිව ප්‍රතිඵල පාදක ඇගයුම්  වැඩපිළිවලක් ද ක්‍රියාත්මක වන බවයි. එමගින් මෙහි ප්‍රතිඵල සමඵලදායි ලෙස හා විනිවිදභාවයෙන් යුතුව ලඟාකර ගැනීමට හැකිවනු ඇත.

    මෙම සාකච්ජාවට ශ්‍රී ලංකා නේපාල්/මාලදිවයින් අධ්‍යක්ෂ ෆාරිස් හඩඩ්, ජුන්කෝ හරිමන්සු, සිද්ධාර්ත රාජා, සුපර්ණා රෝයි යන නියෝජිතයෝ වීඩියෝ සම්මණ්ත්‍රණ තාක්ෂණය ඔස්සේ එක්වුහ.

    ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන නිලධාරින් වන හිරණ්‍ය   සමරසේකර   , අනුර ඩී අල්විස්  ,   ජයන්ත ප්‍රනාන්දු  හා ,කාංචන තුඩුගල  යන අයමෙම සාකච්චාවට  සහභාගි වුහ.