August, 31, 2026
ලෝක බැංකුවේ ව්‍යාපෘති පිළියෙල කිරීමේ ප්‍රදාන පහසුකම (GFPP) යටතේ ජාතික මට්ටමේ වැදගත්කමකින් යුත් උපදේශන ව්‍යාපෘති ද්විත්වයක් නිල වශයෙන් ආරම්භ කරමින්, ශ්‍රී ලංකාව අද (31) දින සිය සංචාරක සංවර්ධන න්‍යාය පත්‍රයේ තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කළේය.
ගෝලීය වශයෙන් තරගකාරී, තිරසාර සහ ප්‍රත්‍යස්ථ සංචාරක ක්ෂේත්රයක් ගොඩනැඟීම සඳහා මෙම පියවරයන්හි ඇති වැදගත්කම අවධාරණය කරමින්, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාව පැවැත්විණි.
ජාතික සංචාරක උපායමාර්ගික සැලැස්ම (2026-2031) ස්පාඤ්ඤයේ Aninver Development Partners සහ ශ්‍රී ලංකාවේ EML Consultants PLC යන හවුල්කාරීත්වයට පවරා ඇත. මෙම උපදේශනය මඟින් ඉල්ලුම සහ සැපයුම් විශ්ලේෂණය, ආයෝජන අවශ්‍යතා ඇගයීම, නියාමන සහ ආයතනික සමාලෝචනය, අලෙවිකරණ උපායමාර්ග සංවර්ධනය සහ ජාතික ක්‍රියාත්මක කිරීමේ මාර්ග සිතියම ඇතුළත් සවිස්තරාත්මක උපායමාර්ගික රාමුවක් සකසනු ඇත. ඉදිරි පස් වසර සඳහා ශ්‍රී ලංකාවේ සංචාරක උපායමාර්ගයේ කොඳුනාරටිය බවට මෙම කාර්යය පත්වන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, එය පළාත් මට්ටමේ ප්‍රමුඛතා සහ ජාතික ප්‍රතිපත්ති පරමාර්ථ සමඟ පෙළගැසෙමින් ආයෝජන අවස්ථා විවෘත කිරීමටත්, ආයතනික ධාරිතාව ශක්තිමත් කිරීමටත් දායක වන බව පෙන්වා දුන්නේය.
ඊට සමගාමීව, ඇමරිකා එක්සත් ජනපදයේ Skift Inc. සහ ශ්‍රී ලංකාවේ MTI Consulting යන ආයතනවල මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන ගෝලීය ගමනාන්ත සන්නිවේදන ප්‍රචාරණ මාර්ග සිතියම් උපදේශනය ද අමාත්‍යාංශය විසින් ආරම්භ කරන ලදී. මෙමඟින් වෙළඳපොළ බුද්ධි තොරතුරු, නිර්මාණාත්මක මාර්ගෝපදේශනය සහ විධිමත් ප්‍රචාරණ කළමනාකරණ සැලැස්මක් මඟින් සහාය දක්වන පස් අවුරුදු ගෝලීය ප්‍රවර්ධන ප්‍රචාරණ උපායමාර්ගයක් සකස් කෙරේ. ශ්‍රී ලංකාවේ අනන්‍ය සංස්කෘතික හා ස්වාභාවික උරුමයන් ප්‍රකට කරමින්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සහ නිවැරදි දත්ත මත පදනම්ව ශ්‍රී ලංකාවේ ගෝලීය සංචාරක සන්නිවේදනය යාවත්කාලීන කිරීම මෙම උපදේශනයේ අරමුණයි.
මෙහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, සංචාරක ව්‍යාපාරය ඉහළ වටිනාකමකින් යුත් ආර්ථික බලකණුවක් බවට පරිවර්තනය කිරීමේ ඉදිරිගාමී උත්සාහය මෙම උපදේශන සේවාවන් ද්විත්වය මඟින් නිරූපණය වන බව ප්‍රකාශ කළේය. එමෙන්ම මෙමඟින් යහපාලනය ශක්තිමත් කිරීම, ආයෝජන ආකර්ෂණය කරගැනීම, ආයතනික ධාරිතාව ඉහළ නැංවීම, වෙළඳපොළ විවිධාංගීකරණය සහ ශ්‍රී ලංකාවේ ගෝලීය ප්‍රචාරණය ප්‍රවර්ධනය කිරීම සිදු වන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
Video Story