ජැට් හෝල්ඩින්ග්ස් මූලික මහජන නිකුතුවට පළමු දිනයේම අධි දායකත්වයක්

    July, 21, 2021

    2021 ජූලි 20 දින ආරම්භ කරන ලද මූලික මහජන නිකුත් කිර්‍රිම මහජන දායකත්වය හා විකුනුම් අර්පණය යන දෙයාකාරයෙන්ම ජැට් හෝල්ඩින්ග්ස් සමාගම නිකුත් කළ 82,904,846 පමණ වූ ඡන්ද හිමි සාමාන්‍ය කොටස්  සඳහා එය ආරම්භ කළ පළමු දිනයේම අධි දායකත්වයක් ලබා ගන්නා ලදී.

    සමාගම විසින් ඡන්ද හිමි සාමාන්‍ය කොටස් 55,814,700ක් කොටසකට රු.27 බැගින් මහජන දායකත්වය  (Offer for Subcription) සඳහා ඉදිරිපත් කරනු ලැබූ අතර විකුනුම් අර්පණය සඳහා (Offer for Sale) රු. 27 බැගින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් 27,090,146 ඉදිරිපත් කරන ලදි.

    ජැට් හෝල්ඩින්ග්ස්  ලිමිටඩ් විසින් කරනු ලද ඉහත කොටස් නිකුතුව සඳහා රුපියල් බිලියන 2.2 කට වැඩි වටිනාකමකින් යුක්ත ඉල්ලුම්පත් ලැබුණු හෙයින් මෙම නිකුතුව 2021 ජූලි 20 දින ප.ව.4:30 ට අවසන් විය.

    මෙම ප්‍රවණතාවය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිළධාරී රජීව බණ්ඩාරනායක මහතා මහතා මෙසේ පැවසීය. “2021 වර්ෂය තුළ කරන ලද සාර්ථක 10 වන නිකුත් කිරීම ජැට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් වන අතරම එය සිව්වන සාර්ථක කොටස් ලැයිස්තු ගත කිරිම  ලෙසද පිළිගැනීමට ලැබීම සතුටට කරුණකි. 2021 කොළඹ කොටස් හුවමාරුවේ වැදගත් වසරක් වී ඇති අතරම මේ වන විට වසර ඇතුළත කොටස් වෙළෙඳපොළ හරහා රැස්කර ඇති ප්‍රාග්ධනය  රුපියල් බිලියන 69.65 ක් පමණ වේ.  කොළඹ කොටස් හුවමාරුව, ප්‍රාග්ධනය රැස් කිරීමේ පහසුකම් සපයන්නෙකු ලෙස ස්ථාපිත කිරීමේ මෙම වර්ධනීය ගමන් මග පිළිබඳව අපි දැඩි විශ්වාසයෙන් සිටිමු.”