ජෝර්දානයේ සංචාරකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සාකච්ඡා ඇරඹෙයි

    August, 17, 2021

    ජෝර්දානයේ සිට, ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සඳහා  උනන්දුකරවීම, දිරිගැන්වීම, සහ පුනර්ජීවනය කිරීම පිණිස, ප්‍රමුඛ පෙළේ සංචාරක නියෝජිතයින් සහ දැනට ශ්‍රී ලංකාව වෙත පියාසර කරන ගුවන් සමාගම්වල නිලධාරීන් සමඟ “ශ්‍රී ලංකා ගමනාන්තය” ප්‍රවර්‍ධනය කිරීම තේමා කර ගනිමින්  අගෝස්තු 2 වැනි දින තානාපති කාර්යාලය චාන්සරියෙහි දී රැස්වීමක් පැවැත්වීය. සත්කාරක රටේ කොවිඩ්-19 පිළිබඳ නියාමනවලට අනුකූලව, සහභාගිවන්නන් 20 දෙනෙකුගේ උපරිමයට යටත්ව මෙම රැස්වීම පැවැත්විණ.

    2021 ජූලි 7 වැනි දින සිට ක්‍රියාත්මක නව කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අවධාරණය කරමින් ඉදිරිපත් කිරීමක් කළ තානාපති ශානිකා දිසානායක මහත්මිය, සම්පූර්ණයෙන්ම එන්නත් කර ඇති අය විසින් අත්විඳිය හැකි සංචාරක ආකර්ෂණ ස්ථාන පිළිබඳව විස්තර කළාය.

    මෙය ජෝර්දානයේ සංචාරක ක්‍ෂේත්‍රයේ වේගයෙන් වර්ධනය වන අංශයක් වන බැවින් සහ සහශ්‍රක සංඛ්‍යාවක් නැවත නැවතත් පැමිණීම සඳහා අවස්ථාව ද පවතින හෙයින්, සහශ්‍රක සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට යාම සඳහා දිරි ගන්වන ලෙස තානාපතිවරිය සංචාරක මෙහෙයුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියාය.

    ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය මඟින් ළඟදීම දියත් කිරීමට නියමිත, රට තුළ ගමනාගමනය පහසු කිරීම සඳහා ජංගම දුරකථනයෙන් ප්‍රවේශ විය හැකි පරිශීලක හිතකාමී සංචාරක යෙදුම පිළිබඳව ද ආරාධිතයින්ට දැනුම් දෙන ලදි .

    ශ්‍රී ලංකාවට පියාසර කිරීම සඳහා තවත් ගුවන් සමාගම් දිරිමත් කිරීම පිණිස තානාපති කාර්යාලය මේ වන විට සාකච්ඡා කරමින් සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates