ඩඩ්ලි ගේ අලුත්ම හෝටලය – ‘අරලිය බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා, උණවටුන‘

    March, 22, 2021

    ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතාගේ නවතම ව්‍යාපාරික මුලපිරුම, ‘අරලිය බීච් රිසෝර්ට් ඇන්ඩ් ස්පා, උණවටුන' පසුගිය (21) දා විවෘත කෙරුණි. ඒ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍ය චමල් රාජපක්ෂ හා කථානායක මහින්ද යාපා අබේවර්ධන ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වෙයනි.

    මේ සම්බන්ධයෙන් ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි මෙලෙස සටහනක් තබා ඇත. “සෘජු හා වක්ර රැකියා දස දහස් ගණනක් රට තුළ නවෝත්පාදනය කරමින් සහ ලෝ ප්රකට උණවටුන වෙරළ තීරය වෙත තරු පහේ සන්නාමයක් එකතු කරමින් විවර වූ, අතිශය සුඛෝපභෝගී කාමර 304 කින් යුතු මාගේ නවතම හෝටලය ; අරලිය බීච් රිසෝර්ට්ස් ඇන්ඩ් ස්පා, උණවටුන..“

    පහත දැක්වෙන්නේ ඩඩ්ලි සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කර තිබූ ‘අරලිය බීච් රිසෝර්ට්ස් ඇන්ඩ් ස්පා, උණවටුන‘ හි ඡායාරූප කිහිපයකි.