June, 10, 2026
ශ්‍රී ලංකාවේ පොල් ලෙලි සැකැසුම් යන්ත්‍රෝපකරණ නිෂ්පාදන හා කාර්මික ඉංජිනේරු ක්ෂේත්රයට සපයා ඇති සුවිශේෂ දායකත්වය ඇගැයීමට ලක් කරමින් ඩයමන්ඩ් ඉංජිනියර්ස් (පෞද්) සමාගම ප්ලැටිනම් එක්ස්සලන්ස් සම්මානයකින් පිදුම් ලැබීය. වාරියපොළ පිහිටි ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගම පොල් ලෙලි සැකැසුම් හා කොහුබත් කර්මාන්තයට අදාළ යන්ත්‍රෝපකරණ නිෂ්පාදනයේ විශේෂඥතාවක් හිමි ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ප්‍රමුඛයකු වී ඇත. සමාගමේ නිෂ්පාදන පරාසයට Coconut Husk Chipping Machines, Coco Coir Machines, Coconut Husk Separator Machines, Wastage Machines හා Sieve Machines ඇතුළත් වේ. ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගම සිය මෙහෙයුම් දේශීය වෙළෙඳපොළට පමණක් සීමා නොකර ඉන්දියාව, ඉන්දුනීසියාව, මැඩගස්කරය, පිලිපීනය, කෙන්යාව, බ්‍රසීලය, තායිලන්තය, මාලදිවයින ඇතුළු රටවල් රැසකට යන්ත්‍රෝපකරණ අපනයනය කරමින් ශ්‍රී ලංකාවේ කාර්මික නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ගෙන යාමට කැපී පෙනෙන දායකත්වයක් සපයයි.
ඉංජිනේරු නිරවද්‍යතාව, මෙහෙයුම් විශ්වාසනීයත්වය, අඩු නඩත්තු අවශ්‍යතා සහ පාරිභෝගික අවශ්‍යතාවලට අනුව සකස් කළ යන්ත්‍රෝපකරණ සැපැයීම සමාගමේ සාර්ථකත්වයට මූලික හේතුව වී තිබේ. පොල් ආශ්රිත කර්මාන්තවල ඵලදායීතාව ඉහළ නැංවීමට, අපද්‍රව්‍ය අවම කිරීමට හා අගය එකතු කළ නිෂ්පාදන වර්ධනය කිරීමට ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගම වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. සම්මානය පිළිබඳව අදහස් දක්වමින් සමාගමේ කළමනාකාරිත්වය සඳහන් කළේ එය සමාගමේ ගමන් මඟේ සුවිශේෂ සන්ධිස්ථානයක් බවත්, එය තම කාර්ය මණ්ඩලයේ කැපවීම, දක්ෂතාව සහ උසස් නිෂ්පාදන ප්‍රමිතිය පිළිබඳ පිළිගැනීමක් බවත්ය. ඉදිරියටත් තිරසාර සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් නවීන තාක්ෂණය හා නවෝත්පාදන සඳහා ආයෝජනය කිරීමට කටයුතු කරන බව සමාගම වැඩි දුරටත් සඳහන් කළේය. ලෝක වෙළෙඳපොළ තුළ පොල් ආශ්රිත නිෂ්පාදනවලට පවතින ඉල්ලුම අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර එම අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව නියෝජනය කරන ප්රමුඛ කාර්මික ඉංජිනේරු සන්නාමයක් බවට පත් වීම ඩයමන්ඩ් ඉංජිනියර්ස් සමාගමේ ඉලක්කය වේ.