ඩයලොග් සමාගමේ වටිනාකම රු. බිලියන 400 ඉක්මවයි

    June, 15, 2026

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව අද (15) වන විට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගම වන ඩයලොග් ආසියාටා පීඑල්සී හි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 400 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    අද පෙරවරුවේ දී ඩයලොග් ආසියාටා පීඑල්සී හි කොටසක ගනුදෙනු මිල රු. 44.90 - 46.40 පැවති අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. බිලයින 420 ඉක්මවා ගොස් තිබුණි.

    මේ වන විට රු. බිලියන 400ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයකට හිමිකම් කියනු ලබන එකම ලැයිස්තුගත සමාගම වන්නේ ඩයලොග් ආසියාටා සමාගමයි.

    සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

    මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 08 පහත පරිදි දැක්විය හැකිය.