July, 6, 2026
SLT-MOBITEL වෙතින් දැන් පාරිභෝගිකයන් සහ ව්‍යාපාර වෙනුවෙන් අනාගතයට ගැළපෙන පරිදි වැඩිදියුණු කළ Fibre Broadband පැකේජ එකතුවක්
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL තම Fibre Unlimited පැකේජ එකතුව වැඩිදියුණු කර යළි දියත් කර තිබේ. වේගය, ස්ථාවරත්වය සහ අසීමිත හැකියාවන් ඔස්සේ ඩිජිටල් අනාගතයක් වෙත පියනැඟීමට පාරිභෝගිකයන් සවිබල ගැන්වීමේ අරමුණින් මෙම වෙනස සිදු කර ඇත.
පාරිභෝගිකයන්ගේ ඩිජිටල් ජීවන රටාවන් මෙන්ම ව්‍යාපාරවල ක්‍රමයෙන් වර්ධනය වන අවශ්‍යතාවන් සැලකිල්ලට ගනිමින් මෙම නව Unlimited පැකේජ එකතුව සැලසුම් කර තිබේ. ජාත්‍යන්තර තලයේ Fibre තාක්ෂණික යටිතල පහසුකම් ඔස්සේ සැපයෙන මෙම සම්බන්ධතා, බාධා අවම අධිවේගී අන්තර්ජාල අත්දැකීමක් පිරිනමයි. නව පැකේජ රු. 5,900 (+ බදු) සිට ආරම්භ වන අතර, මෙමඟින් SLT-MOBITEL Fibre පැකේජ ශ්‍රී ලංකාවේ වඩාත්ම ශක්තිමත් හා ස්ථාවර Broadband Unlimited පැකේජ එකතුව බවට පත් වනු නිසැකය.
ඩිජිටල් අත්දැකීම් තුළින් ප්‍රගතිය අරුත් ගැන්වෙන ලෝකයක් වෙනුවෙන් නිර්මාණය කර ඇති මෙම පැකේජ එකතුවේ වේග පරාසය 100 Mbps සිට 1000 Mbps දක්වා විහිදී පවතී. මේ නිසා පාරිභෝගිකයන්ට වීඩියෝ නැරඹීම, අන්තර්ජාලය ඔස්සේ ක්‍රීඩාවල යෙදීම, දුරස්ථව රාජකාරි කිරීම හා මාර්ගගතව (Online) අධ්‍යාපන කටයුතු හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීම සඳහා විශ්වාසයෙන් යුතුව මෙම අන්තර්ජාල සම්බන්ධතා භාවිතා කළ හැකි වේ.
පාරිභෝගිකයන්ගේ විවිධාකාර වූ අවශ්‍යතා සහ ආර්ථික හැකියාවන්ට ගැළපෙන ආකාරයට මෙම පැකේජ සැලසුම් කර ඇත. කුඩා පවුල්වලට ගැළපෙන Home පැකේජයේ මාසික ගාස්තුව රු. 5,900 ක් වන අතර, Home Plus පැකේජයේ මාසික ගාස්තුව රු. 9,900 කි. වීඩියෝ නරඹන්නන් සහ ආරම්භක මට්ටමේ ව්‍යාපාරවලට සුදුසු Twin පැකේජය රු. 14,900 ක් වන අතර, වීඩියෝ ක්‍රීඩාවල යෙදෙන්නන් සහ ප්‍රමාණයෙන් විශාල පවුල් සඳහා සුදුසු Pro පැකේජය රු. 19,900 කි. තාක්ෂණය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පවුල් සහ කුඩා ව්‍යාපාරවලට සුදුසු Edge පැකේජය රු. 29,900 ක් වන අතර, විශාල වශයෙන් අන්තර්ජාලය භාවිතා කරන්නන්, වෘත්තීය අන්තර්ජාල ක්‍රීඩකයන් සහ ව්‍යවසායකයන් සඳහා වඩාත් සුදුසු Turbo පැකේජයේ මාසික ගාස්තුව රු. 39,900 කි. මීට අමතරව වැඩි පිරිසකට පහසුවෙන් අන්තර්ජාල සම්බන්ධතාව අත්විඳීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් Anytime Plan Fibre Starter නමින් ආරම්භක මට්ටමේ පැකේජයක් මාසිකව රු. 2,690 ක ගාස්තුවකට (80GB සඳහා) හඳුන්වා දී තිබේ.
මෙහි විශේෂත්වයක් වන්නේ මෙම කිසිදු පැකේජයක් සඳහා ස්ථාවර ගාස්තුවක් අය නොකිරීමය. මේ නිසා පාරිභෝගිකයන්ට මෙම පැකේජ තුළින් ගෙවන මිලට උපරිම වටිනාකමක් හිමි වේ. එමෙන්ම ආරම්භක මට්ටමේ පැකේජය වන Anytime Plan Fibre Starter සඳහා අවශ්‍ය නම් පාරිභෝගිකයාගේ ඉල්ලීම පරිදි දුරකථන පහසුකම්ද එක් කළ හැකි අතර, භාවිතා කරන ආකාරය අනුව ඒ සඳහා ගාස්තු අය කෙරේ.
සම්බන්ධතා තාක්ෂණයේ අනාගතයට ගැළපෙන පරිදි සැලසුම් කර ඇති මෙම පැකේජ, තම අවශ්‍යතාවන් සහ රුචිකත්වයන් අනුව තෝරාගැනීමට පාරිභෝගිකයන්ට නිදහස ඇත. මෙමඟින් සමස්ත Broadband පිරිවැය අවම වන අතර, සැබැවින්ම අසීමිත අන්තර්ජාල සම්බන්ධතාවක් අත්විඳීමටද හැකියාව ලැබේ. එපමණක් නොව උසස්ම ප්‍රමිතිය සහ ස්ථාවර අන්තර්ජාල සම්බන්ධතාව වැනි සාධක නිසා මෙය පෞද්ගලික අවශ්‍යතා මෙන්ම වෘත්තීය අරමුණු සඳහාද සුදුසුම පැකේජ එකතුවක් ලෙස හැඳින්විය හැක.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය දියුණු වෙමින් පවතින මේ මොහොතේ, රටේ නවෝත්පාදන දිරිගන්වමින් ප්‍රජාවන් යා කරන අතරම නවීන ජීවන රටාවන්ගේ රිද්මයට ගැළපෙන සම්බන්ධතා පහසුකම් සපයන පුරෝගාමියා ලෙස ඉදිරියෙන්ම සිටීමට SLT-MOBITEL සමත් වී තිබේ. මෙම වැඩිදියුණු කළ Fibre පැකේජ එකතුව, පාරිභෝගික ජීවිත වඩාත් යහපත් කිරීම සඳහා SLT-MOBITEL දක්වන උනන්දුව හා කැපවීම මෙන්ම, වඩාත් වේගවත්, නොනවතින සහ සැබැවින්ම අසීමිත අන්තර්ජාල සම්බන්ධතාවක් ලබා දෙන විශ්වාසනීය හා ස්ථාවර සේවා සම්පාදකයෙකු ලෙස SLT-MOBITEL සතු කීර්තිනාමය තවදුරටත් තහවුරු කරනු නිසැකය.

Video Story