ඩොලරයේ මිල මහ බැංකුවේ රු. 199.50 යි. මුදල් අමාත්‍යාංශයේ රු. 196.99 යි

    May, 10, 2021

    විදුලි පණිවුඩ පැවරුම් සඳහා ශ්‍රී ලංකාවේ තෝරාගන්නා ලද ප්‍රධාන වාණිජ බැංකු විසින් එදින පෙරවරු 9.30 ට ඉදිරිපත් කරන ලද ප්‍රධාන ව්‍යවහාර මුදල්වල ගැණුම් හා විකුණුම් විනිමය අනුපාතයන්හි සාමාන්‍ය අගය පදනම් කරගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනික විනිමය අනුපාතික සටහන ප්‍රකාශයට පත්කරනු ලබයි. මෙහිදී මහ බැංකුව පවසන්නේ වාණිජ බැංකු විසින් සපයනලද මෙම විනිමය අනුපාත දිනයෙහි ආරම්භක අනුපාත වන අතර දිනය තුලදී විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් සිදුවුවහොත් එම විනිමය අනුපාත වෙනස්විය හැකි බවයි.

    ඒ් අනුව අද (10) දින ඒක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 197.59 ක් සහ විකුණුම් මිල රු. 201.94 ක් ලෙසින් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත. මීට අමතරව අද දින නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය රු. 199.50 ක් ලෙසින් මහ බැංකුව දක්වා ඇත. Indicative US Dollar SPOT Exchange rate හෙවත් නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය යනු පෙර දිනයේදී දේශීය විදේශ විනිමය වෙළදපොළහි එ.ජ.ඩොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියලහි සිදු වූ සමත සැබෑ එතැන් ගණුදෙණුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.

    මේ වන විට මුදල් අමාත්‍යාංශය ද සිය සමාජ ජාල ගිණුම් හරහා දෛනික විනිමය අනුපාතයන් නිකුත් කිරීමට පටන් ගෙන ඇත. කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශ ෆේස්බුක් පිටුවට අනුව අද (දින)  නිරූපිත එතැන් එ.ජ.ඩොලරයේ විනිමය අනුපාතිකය සටහන් වන්නේ රු. 196.99 ක් ලෙසිනි. පහත දැක්වෙන්නේ ඒම සටහනයි.

     

    සෑම දිනකම ආරම්භයේ සටහන් වන විනිමය අනුපාතය.
    10.05.2021.

    Posted by Ministry of Finance- Sri Lanka on Sunday, May 9, 2021