ඩොලරය අද තවදුරටත් පහළට

    May, 26, 2026

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දිනයේ දී ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.32ක් සහ විකුණුම් මිල රු. 328.69ක් ලෙස සටහන්ව තිබේ.

    ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව තව දුරටත් පහළට පැමිණ ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

    තව ද අද පෙරවරුව වන මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබුණු විනිමය අනුපාතික සටහන්වලට අනුව ද එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් ඊයේ දිනට සාපේක්ෂව තවදුරටත් පහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.

    අද දින පෙරවරු 10 වන විට බැංකු කිහිපයක විනිමය අනුපාතියන් අනුව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.

    ලංකා බැංකුව: 316.50 | 325.50

    මහජන බැංකුව: 317.13 | 326.11

    කොමර්ෂල් බැංකුව: 314.04 | 326.00

    හැටන් නැෂනල් බැංකුව: 319.00 | 327.00

    සම්පත් බැංකුව: 318.00 | 327.50

    සෙලාන් බැංකුව: 317.75 | 331.50

    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 314.28 | 327.35

    NDB: 318.50 | 327.50

    DFCC: 316.25 | 325.75