ඩොලරය තවදුරටත් ඉහළට. අද විකුණුම් මිල රු. 202.88 යි

    April, 7, 2021

    එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (07) දිනයේ දී රු. 202.88 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    දිනපතා ප්‍රකාශයට පත්කරනු ලබන විනිමය අනුපාතික සටහන හරහා මහ බැංකුව මේ බව අනාවරණය කර සිටී. අද දිනයේ දී ඩොලරයක ගැනුම් මිල ද මෙතෙක් ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රු. 198.56 ක් දක්වා වැඩි වී තිබේ.

    මීට පෙර ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් (රු. 198.00) හා විකුණුම් (රු. 202.70) අනුපාතිකයන් ඊයේ (06) දිනයේ දී වාර්තා විය.

    මේ අතර වාණිජ බැංකුවල විනිමය අනුපාතික පිරික්සීමේ දී ලංකා බැංකුව රු. 204.78 ක්, මහජන බැංකුව රු. 206.49 ක්, කොමර්ෂල් බැංකුව රු. 203.90 ක් හා සම්පත් බැංකුව රු. 203.50 ක් ලෙසින් අද දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දක්වා ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates