ඩොලරය තවදුරටත් ඉහළට

    July, 26, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.69 ක් සහ විකුණුම් මිල රු. 337.17 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.

    මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (SPOT Exchange Rate) රු. 329.41 ක් ලෙසින් සටහන්ව ඇත.

    එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය යනු පෙර දිනයේ දී/ ලබා ගත හැකි ආසන්නතම ව්‍යාපාර දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මිල ගණන් කැඳවීමේ ඉල්ලීම් (RFQ) හරහා සිදු කරන ලද වෙළඳපොළ මැදිහත්වීම් ද ඇතුළුව දේශීය අන්තර්-බැංකු එතැන් විදේශ විනිමය වෙළඳපොළෙහි එ. ජ. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි සිදු වූ සමස්ත එතැන් ගනුදෙනුවල බර තැබූ සාමාන්‍ය අගය වේ.