May, 25, 2026
අද (25) පෙරවරුව වන මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් ප්‍රකාශයට පත් කර තිබුණු විනිමය අනුපාතික සටහන්වලට අනුව එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පසුගිය සිකුරාදා (22) දිනට සාපේක්ෂව තවදුරටත් පහළ ගොස් තිබෙනු නිරීක්ෂණය කළ හැකිය.
ඒ අනුව ඩොලරයේ විකුණුම් මිල රු. 335 මට්ටමින් පහළට පැමිණ ඇති බව වාර්තා වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුම් මිල රු. 326.01ක් හා විකුණුම් මිල රු. 336.42ක් දක්වා අද දිනයේ දී පහළ බැස ඇත.
අද දින පෙරවරු 10 වන විට බැංකු කිහිපයක විනිමය අනුපාතියන් අනුව ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහත පරිදි වේ.
ලංකා බැංකුව: 325.50| 334.50
මහජන බැංකුව: 325.74| 334.50
කොමර්ෂල් බැංකුව: 322.50| 331.50
හැටන් නැෂනල් බැංකුව: 326.00| 336.00
සම්පත් බැංකුව: 321.50| 330.50
සෙලාන් බැංකුව: 324.00| 334.00
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව: 323.05| 333.95
NDB: 325.50| 334.50
DFCC: 327.25| 336.75