November, 3, 2022
2022 ජූනි මාසය අවසානයේ දී මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 24,264.4 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
2021 වසර අවසානයේ දී රු. බිලියන 17,589.4 ක්ව පැවති මෙම රාජ්‍ය ණය ප්‍රමාණය ඉතිහාසයේ මුල් වරට පසුගිය 2022 මැයි මාසයේ දී රු. බිලියන 24,000 සීමාව ඉක්මවා යන ලදී. මැයි මාසය අවසානයේ දී එම අගය රු. බිලියන 24,051.3 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් 2022 අප්‍රේල් 12 වැනි දින ශ්‍රී ලංකාවේ විදේශ ණය සේවාකරණය පිළිබඳ අන්තර්කාලීන ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීමෙන් පසුව රජය විසින් ගෙවීමට නියමිතව තිබූ යම් විදේශ ණය සේවාකරණ ගෙවීම්, රාජ්‍ය ණය සම්බන්ධ දත්ත සකස් කිරීමේ දී ගැලපුම් කර නොමැති නිසා ජූනි මාසය අවසානය සඳහා වන මධ්‍යම රජයේ නොපිය වූ ණය ප්‍රමාණය පිළිබඳ දත්ත තාවකාලික බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.
2022 ජූනි අවසානයේ දී සමස්ත දේශීය ණය රු. බිලියන 12,738.5 ක් හා සමස්ත විදේශීය ණය රු. බිලියන 11,525.9 ක් ලෙසින් සටහන්ව ඇත.

Video Story