August, 17, 2021
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි සීඝ්‍ර වර්ධනයක් අද (17) දිනයේ දී වාර්තා විය.
මෙහිදී ඊයේ (16) දිනය හා සැසඳීමේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 197.24 ක හෙවත් 2.48% ක හා S&P SL20 දර්ශකය ඒකක 56.67 ක හෙවත් 1.90% ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කරන ලදී.
ඒ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,134.52 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 3,033.98 ක් ලෙසින් සටහන්ව තිබුණි.
මේ අතර රු. බිලියන 2.9 ක පිරිවැටුමක් අද දින ගනුදෙනු හරහා වාර්තා විය.
ඊයේ (16) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළට Delivery Versus Payment (DVP) ගනුදෙනු පියවීමේ යාන්ත්‍රණය හඳුන්වා දීමට කටයුතු යෙදුණු අතර, ඒක් තැරැව්කාර සමාගමකට තාක්ෂණික අපහසුතා කරණ කොට ගෙන ගනුදෙනු පද්ධතිය සමඟ සමබන්ධ වීමට නොහැකි වීම හේතුවෙන් ඊයේ දින ගනුදෙනු ආරම්භය පස්වරු 1.00 දක්වා ප්‍රමාද විය.
අද දිනයේ දී ද මෙවැනිම තත්ත්වයක් දක්නට ලැබුණු අතර ඒ හේතුවෙන් සාමාන්‍ය ගනුදෙනු ආරම්භය පෙරවරු 11.45 දක්වා ප්‍රමාද වී තිබුණි.
කෙසේවෙතත් අද දින ගනුදෙනු කාලපරිච්ඡේදය තුළ දී වඩාත් සක්‍රීය ආයෝජක සහභාගීත්වයක් දක්නට ලැබීම විශේෂත්වයකි.

Video Story