May, 25, 2026
මෙම සතිය ශ්‍රී ලංකාවට අතිශයින් වැදගත් මෙන්ම තීරණාත්මක සතියක් වනු ඇත.
ශ්‍රී ලංකා ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් මෙම සතිය තුළ දී ප්‍රකාශයට පත්වීමට නියමිතය.
එහි ආරම්භය ලෙසින් මෝටර් රථ සඳහා බැංකු විසින් ලබා දෙන මූල්‍ය පහසුකම් සීමා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (24) රාත්‍රියේ නවතම මාර්ගෝපදේශ සංග්‍රහයක් බැංකු සහ මූල්‍ය ආයතන වෙත නිකුත් කර තිබුණු අතර එය අද (25) සිට බලාත්මක වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (25) පස්වරුවේ රැස්වීමට නියමිත අතර ප්‍රතිපත්ති පොලී අනුපාතික සම්බන්ධයෙන් වැදගත් තීරණයක් එහිදී ගනු ඇතැයි වාර්තා වේ. මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම හමුවේ දී තීරණය කරනු ඇති බව, වෙළෙඳපොළ විශ්ලේෂකයින්ගේ අනුමානය වී තිබේ.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම මගින් සහාය දක්වන, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ පස්වන සහ හයවන ඒකාබද්ධ සමාලෝචනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් මැයි 27 දා සලකා බැලීමට නියමිතය. එහිදී විධායක මණ්ඩලයේ අනුමැතියෙන් පසු එක්සත් ජනපද ඩොලර් මිලියන 700ක පමණ මූල්‍යන පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ප්‍රවේශය හිමිවනු ඇත.