ධම්මිකගේ ටයිල් සමාගම් සුපිරි ලාභ ලබයි. ලාභයෙන් පංගුවක් කොටස්කරුවන්ටත්

    February, 15, 2021

    මෙරට ප්‍රමුඛ පෙළේ ලැයිස්තුගත ටයිල් සමාගම් වන රෝයල් සෙරමික්, ලංකා ටයිල්, ලංකා වෝල්ටයිල් සහ ස්විස්ටෙක් සිලෝන් යන සමාගම්වල නවතම මූල්‍ය වාර්තා මේ වන විට ප්‍රකාශයට පත්කර තිබේ. මෙම මූල්‍ය ප්‍රකාශනවලට අනුව 2020 දෙසැම්බර් 31 න් අවසන් මූල්‍ය කාර්තුවේ දී ඉහත කී සමාගම් සියල්ලක්ම පාහේ අද්විතීය කාර්යසාධනයක් සාක්ෂාත් කර ගැනීමට සමත් වී ඇත.

    ඒ් පිළිබඳ සංක්ෂිප්තයක් පහතින් දැක්වේ.

    • රෝයල් සෙරමික්ස් ලංකා පීඒල්සී සමූහය විසින් පසුගිය කාර්තුව තුළ දී රු. බිලියන 2.76 ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. 2020 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 තුළ දී වාර්තා කර ඇති බදු පසු ශුද්ධ ලාභය රු. බිලියන 4.34 කි. ඒනම් පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 110% ක වර්ධනයකි.
    • ලංකා වෝල්ටයිල්ස් පීඒල්සී සමූහය විසින් මෙම කාර්තුව තුළ දී රු. බිලියන 1.38 ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කර තිබේ. 2020 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 තුළ දී වාර්තා කර ඇති බදු පසු ශුද්ධ ලාභය රු. බිලියන 1.88 කි. මෙය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 480% ක වර්ධනයක් වේ.
    • ලංකා ටයිල්ස් පීඒල්සී සමූහයේ 2020 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුවේ බදු පසු ශුද්ධ ලාභය රු. මිලියන 837 කි. පසුගිය මාස 09 ක කාලපරිච්ඡේදය‌ තුළ ඒම අගය රු. බිලියන 1.18 ක් වේ. මෙය 157% ක ඉහළ යාමකිි.
    • මේ අතර ස්විස්ටෙක් සිලෝන් පීඒල්සී සමූහය පසුගිය කාර්තුවේ දී රු. මිලියන 177 ක බදු පසු ශුද්ධ ලාභයක් වාර්තා කරද්දී මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා ඒම අගය රු. මිලියන 308 ක් ලෙසින් සටහන් වේ. මෙය 143% ක වර්ධනයකි.
    • ඒසේම ලංකා සෙරමික්ස් පීඒල්සී හි මූල්‍ය ප්‍රකාශන පෙබරවාරි මාසය ආරම්භයේ දී නිකුත් කෙරුණු අතර ඊට අනුව 2020 දෙසැම්බර් 31 න් අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය තුළ දී 13.3% ක වර්ධනයක් සමඟින් රු. මිලියන 17 ක බදුගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර ඇත.

    මෙලෙස ඉහත කී සමාගම් ලැබූ ලාභයේ කොටසක් සිය කොටස්කරුවන් අතර ලාභාංශ වශයෙන් බෙදාහැරීමට තීරණය කර තිබේ. ඒ් අනුව ඒක් ඒක් සමාගම විසින් ඒක් කොටසක් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇති ලාභාංශ අගයයන් පහත පරිදි වේ.

    රෝයල් සෙරමික්ස් ලංකා පිඒල්සී - රු. 11.00

    ලංකා වෝල්ටයිල්ස් පීඒල්සී - රු. 10.00

    ලංකා ටයිල්ස් පීඒල්සී - රු. 12.30

    ස්විස්ටෙක් සිලෝන් පීඒල්සී - 4.10

    ලංකා සෙරමික් පීඒල්සී - රු. 1.30

    මේ අතර කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ක්‍රියාකාරීත්වයට සුවිශාල උත්තේජනයක් ලබා දෙමින් රෝයල් සෙරමික්ස් ලංකා සමාගමේ කොටස් අනුබෙදුමක් (Sub-division of Shares) සිදුකෙරන බව මේ වන විට නිවේදනය කර ඇත. ඒ් අනුව සමාගමේ  දැනට පවතින සෑම ඒක් කොටසක්ම කොටස් 10 ක් බවට ඛණ්ඩනය වීමට නියමිතය.

    ලංකා සෙරමික් පීඒල්සී හි 73.55% ක කොටස් අයිතිය රෝයල් සෙරමික්ස් ලංකා පීඒල්සී සතුවේ. ලංකා ටයිල්ස් පීඒල්සී හි කොටස් හිමිකාරීත්වයෙන් 68.21 ක් පවතින්නේ ලංකා වෝල්ටයිල්ස් පීඒල්සී සතුවය. ලංකා වෝල්ටයිල්ස් පීඒල්සී හි කොටස් ප්‍රාග්ධනයෙන් 54.55% කට හිමිකම් කියනු ලබන්නේ රෝයල් සෙරමික්ස් ලංකා සමාගමයි. ස්විස්ටෙක් සිලෝන් පීඒල්සී හි කොටස් අයිතියෙන් 47.80% ක් ලංකා ටයිල්ස්, 11.47% ක් ලංකා වෝල්ටයිල්ස් සහ 6.87 ක් රෝයල් සෙරමික්ස් යන සමාගම් සතුව පවතී.

    රෝයල් සෙරමික්ස් ලංකා පීඒල්සී හි 55.96% ක කොටස් හිමිකාරීත්වය දරනු ලබන්නේ වැලිබල් වන් පීඒල්සී සමාගම වන අතර වැලිබල් වන් යනු මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා හට 63.47% සෘජු කොටස් අයිතිය හිමි සමාගමකි.