නගර සියයක් අලංකරණය කිරීමේ වැඩසටහනක්

    June, 8, 2021

    අසංවිධිත සංවර්ධනය හේතුවෙන් රට පුරා විහිදී ඇති ඇතැම් දෙවන හා තෙවන මට්ටමේ නගර කලක සිට අපිළිවෙළ, අවලක්ෂණ හා මහජනයාට පීඩාකාරී නගර ලෙස පවතින අතර එම නගර බොහොමයක් ක්‍රමානුකූල සැලැස්මකට හා වැඩපිළිවෙළකට අනුව අවශ්‍ය පියවර ගැනීම තුළින් මහජනතාව සඳහා හිතකාමී, ප්‍රසන්න නගර බවට පරිවර්තනය කිරීමට හැකියාව පවතී.
    ඒ අනුව, රට පුරා විසිරී ඇති එවැනි නගර 100ක් හඳුනාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කරමින්, එම නගර ක්‍රමවත් ලෙස අලංකාර කිරීම සඳහා අදාළ යටිතල පහසුකම් සැපයීමේ වගකීම් පැවරී ඇති රජයේ සියලු ආයතන හා අනෙකුත් සියලුම පාර්ශ්වයන්ගේ සහාය ඇතිව "සියක් නගර" නමින් වැඩසටහනක් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.