August, 14, 2026
සංශෝධිත එකතු කළ අගය මත බදු (VAT) ඉන්වොයිස් ආකෘතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක කිරීමේ දිනය 2026 ඔක්තෝබර් 01 දින දක්වා කල්දමමින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මියගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.
2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනතේ 20 වැනි වගන්තිය යටතේ පැවරී ඇති බලතල ප්‍රකාරව, දේශීය ආදායම් කොමසාරිස්වරිය විසින් 2026 අගෝස්තු 06 දිනැති අංක 2500/106 දරන මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
මෙම නව නියෝගය මගින් අදාළ ලියාපදිංචි පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු බදු ඉන්වොයිස්වල ආකෘතිය සහ පිරිවිතරයන් සම්බන්ධයෙන් 2026 මාර්තු 27 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද අංක 2481/22 දරන නිවේදනය සංශෝධනය කරනු ලබයි. ඒ අනුව මුලින් 2026 ජූලි 01 දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ මෙම අනිවාර්ය ක්‍රියාත්මක කිරීමේ දිනය 2026 ඔක්තෝබර් 01 දක්වා කල්දමා ඇත.

Video Story