නිෂ්පාදන – සේවා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මාර්තු මාසයේ දී ඉහළට

    April, 16, 2021

    මාර්තු මාසයේ දී නිෂ්පාදන සහ සේවා යන ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක ඉහළ යන ලදී.

    රටේ නිෂ්පාදන ක්‍රියාකාරකම් වඩා ඉහළ වේගයකින් යථාතත්වයට පත්වීම පිළිබිඹු කරමින්, 2021 මාර්තු මාසයේදී නිෂ්පාදන අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 67.0ක් ලෙස මාස 9ක් තුළ ලබාගත් ඉහළම අගය වාර්තා කරන ලදී.

    සේවා අංශය අඛණ්ඩව සිව්වන මාසයටත් වර්ධනයක් පෙන්නුම් කරමින්, සේවා අංශයෙහි ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2021 මාර්තු මාසයේ දී 62.1ක් දක්වා ඉහළ ගියේය.