නොරොච්චෝල බලාගාරයට ගල් අගුරු ප්‍රවාහන කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Shreeji Shipping වෙත

    August, 31, 2021

    නොරොච්චෝල ලක්විජය විදුලි බලාගාරයේ ජැටිය වෙත නෞකාවල සිට ගල් අඟුරු රැ‍ඟෙන යාම සඳහා ස්වයංක්‍රීය බත්තල් සේවා සැපයුම්කරුවෙකුගේ සේවය ලබා ගැනීම
    2021/2022 සහ 2022/2023 කාල සීමාව තුළ ලක්විජය බලාගාරයේ ජැටිය වෙත ගල් අඟුරු, බත්තල් මඟින් ප්‍රවාහනය සඳහා සුදුසු සේවා සැපයුම්කරුවෙකු තෝරා ගැනීම පිණිස තරගකාරි ලංසු කැඳවා ඇත.
    ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි අදාළ සේවා කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ Shreeji Shipping Limited වෙත පිරිනැමීම පිණිස වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates