පරිත්‍යාගශීලීත්වය සහ භක්තිය පෙරදැරිව HNB FINANCE සීනි සම්බෝල බනිස් දන්සල සහ වෙසක් පහන් කූඩුව මෙවරත්

    June, 9, 2026

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මූල්‍ය ආයතනයක් වන HNB FINANCE PLC වෙසක් පොහොය නිමිති කර ගනිමින් සංවිධානය කරන ලද සීනි සම්බෝල බනිස් දන්සැල මෙවරත් නාවල HNB FINANCE ප්‍රධාන කාර්යාලීය පරිශ්‍රය ඉදිරිපිටදී මහජනතාව සදහා විවෘත කෙරිණි. දන්සැලට සමගාමීව දර්ශනීය වෙසක් පහන් කූඩුවක්ද ප්‍රදර්ශනය කෙරුණු අතර එය වෙසක් සතිය පුරා මහජන ප්‍රදර්ශනය සදහා විවෘත විය.

    වෙනත් වසරවල සේම මෙවර වෙසක් සැමරුමට සමගාමීවද ශාඛා මට්ටමින් HNB FINANCE කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ නිර්මාණශීලිත්වය ඇගයීම සඳහා වෙසක් පහන්කූඩු තරගයක් සංවිධානය කරන ලද අතර එම වෙසක් නිර්මාණ HNB FINANCE ශාඛා පරිශ්‍රයන් ඉදිරිපස වෙසක් සතිය තුළ ප්‍රදර්ශනය කරන ලදි. එයට අමතරව ශාඛා මටට්මින්  දිවයින පුරා සංවිධානය කළ දන්සැල්ද පසුගිය වෙසක් සතිය තුළ දැකගත හැකි වීම විශේෂත්වයකි.

    වෙසක් උත්සවයේ වැදගත්කම පෙන්වා දෙමින් මෙම කාලෝචිත වැඩසටහන අගය කළ HNB FINANCE PLC හි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී චමින්ද ප්‍රභාත් මහතා “වෙසක් උත්සවයේ වැදගත්කම මතු කරමින් මෙම වැඩසටහන ඉතා සංවිධානාත්මකව පැවැත්වීම අගය කළ යුතුයි. එසේම, මෙම උදාර කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා ස්ව කැමැත්තෙන්ම ඉදිරිපත් වී කණ්ඩායම් හැගීමෙන් වෙහෙස නොබලා කැප වූ ප්‍රධාන කාර්යාලයේ සහ අනෙකුත් ශාඛාවන්හි සහෝදර සේවක මණ්ඩලයට ද මා මේ මොහොතේ කෘතඥතාව පළ කරනවා.

    මෙවැනි උතුම් අවස්ථාවක බුදුදහමේ ඉගැන්වීම් අවබෝධයෙන් යුතුව ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම HNB FINANCE ලෙස අපගේ වගකීමක්. මෙය අප හා සම්බන්ධ සියලුම දෙනා තුළ ආගමික භක්තිය ඇති කිරීමට ලැබුණු කදිම අවස්ථාවක්. වෙසක් කූඩු නිර්මාණය හරහා අධ්‍යාත්මික ප්‍රබෝධයක් ඇති කර ගැනීමට හැකි වනවා. එමෙන්ම අප වෙසක් දිනයේදී ප්‍රගුණ කරන උතුම් ගුණධර්ම එදිනෙදා ජීවිතයේදීත් අනුගමනය කිරීම වැදගත්. කරුණාව, දයාව සහ එකිනෙකාට උදව් උපකාර කිරීම වැනි උදාර වටිනාකම් අපගේ ආයතනික සංස්කෘතියට ද එක් කර ගැනීම තුළින්, ඕනෑම අභියෝගාත්මක කාලවකවානුවකදී වුවද ශ්‍රී ලාංකිකයින් සවිබල ගැන්වීමටත් ඔවුන්ගේ ජීවන තත්ත්වයන් ඉහළ නැංවීමටත් අපට අඛණ්ඩව දායක විය හැකියි.”යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.

    Video Story

    Stock Market

    Exchange Rates