October, 18, 2021
MAS සමූහ ව්‍යාපාරය විසින් දිවයින පුරා ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක්රැස්කරමින් සිදුකරනු ලබන විශේෂ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන දීර්ඝ කාලයක සිට ක්‍රියාත්මක කරනු ලබයි. එලෙස ප්‍රතිචක්‍රීකරණය කළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2021 ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී භාවිතා කිරීමට නියමිත ජර්සිය නිෂ්පාදනය කරනු ලැබීම සුවිශේෂත්වයක් ගනී. ඵ්ී ඇක්ටිව් සහ ඔවුන්ගේ සැපයුම් ජාල හවුල්කරුවන් වන ටේරෂෙල් ෆැබ්රික් (පුද්ගලික) සමාගම සහ Eco Spindles එක්ව ඉවත දැමූ පෙට් ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ අතර එමගින් පොලියෙස්ටර් නූල් නිෂ්පාදනය කර උසස් තත්ත්වයේ ඇඟලුම් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලදි. මෙමඟින් ශ්‍රී ලංකාවේ අක්‍රමවත් ලෙස ප්ලාස්ටික් ඉවතලෑම තුළින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම සඳහා දීර්ඝකාලීන විසඳුමක් ස්ථාපිත කිරීමට MAS සමූහය කටයුතු කරන ලදි.

MAS සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර හවුල්කාරීත්වයට දශකයකට අධික ඉතිහාසයක් වන අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපරිම දක්ෂතා දැක්වීමට උපකාරී වන ආකාරයේ ඇඟලුම් නිර්මාණය කිරීම කෙරෙහි මූලික අවධානය යොමුවී තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් 2021 T-20 ලෝක කුසලාන ජර්සිය ජාත්‍යන්තර ක්‍රීඩා ඇඟලුම් ප්රමිතීන් අනුව නිපදවා ඇති අතර සුවපහසුව, තෙතමනය පාලනය කිරීම වැනි අංශ සම්බන්ධ දියුණු තාක්ෂණයන් යොදාගෙන තිබේ. සාම්ප්‍රදායිකව ආරක්ෂාව සහ රැකවරණය සංකේතවත් කරන පහතරට නැටුම් වෙස් මුහුණුවලින් ගන්නා ලද මොනර පිහාටුවල රටාවන් මෙන්ම ශ්‍රී ලංකාවට ආවේණික Black Ruby Barb නිවර්තන මත්ස්‍ය විශේෂයේ හැඩතලයන් අනුව 2021 ජර්සිය නිර්මාණය කර ඇත.
”ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පළඳින මෙම නව ජර්සිය මඟින් අක්‍රමවත් ලෙස ප්ලාස්ටික් නිෂ්පාදන ඉවත නොදමා නැවත භාවිතා කරන ලෙසත්, ඒවා බැහැර කිරීමේදී එම ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීමට කටයුතු කරන ලෙසත් ජනතාවට මතක් කර දෙනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් MAS ක්‍රීඩා හි ප්‍රධාන විධායක නිලධාරි සරින්ද උනම්බුව පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 100% ප්‍රතිචක්‍රීකරණය කළ අපද්‍රව්‍ය මගින් නිෂ්පාදිත ජර්සියක් භාවිතා කරන පළමු අවස්ථාව මෙය නොවන අතර 2019 දීද ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් එකතු කරන ලද ඡෑඔ බෝතල් 30,000 කට අධික ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමෙන් පොලියෙස්ටර් නූල් නිර්මාණය කර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා ජර්සියක් නිර්මාණය කිරීමට භාවිතා කරන ලදී. 2020 දී ඵ්ී මෙම උත්සාහය තවදුරටත් ඉදිරියට රුගෙන යමින්, ඉවතලන PET බෝතල් මිලියන 21 ක් ප්‍රතිචක්‍රීකරණය කරන ලදි. ”ශ්‍රී ලංකාවේ පරිසර දූෂණය අවම කරන්නට දායක වන අපගේ නවෝත්පාදන හා නිෂ්පාදන හැකියාවන් ගැන අපි ආඩම්බර වන්නෙමු” යනුවෙන් MAS ඇක්ටිව් හි සාමාන්‍යාධිකාරී නිමේෂ් අමලියන් අදහස් දක්වන ලදි.
2019 මාර්තු මාසයේදී වෙරළබඩ තීරයේ ගොඩගසන ප්ලාස්ටික් අපද්‍රව්‍ය එකතු කිරීම සඳහා ක්‍රිකට් බෝලයක හැඩයෙන් යුත් විශාල බඳුන් 10 ක් පිහිටුවමින් ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව විසඳීමට ඵ්ී කටයුතු කරන ලදි. ශ්‍රී ලංකාව තුළ චර්යාත්මක වෙනසක් ඇති කිරීමේ අරමුණ ඇතිව, ඵ්ී සමූහය වසර ගණනාවක් පුරාවට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ෑජද ීචසබාකැි සමඟ හවුල් වී දිවයින වටා වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සංවිධානය කරන ලදි. සාගර ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව විසඳීමේ පියවරක් ලෙස, ඵ්ී විසින් 2020 අගෝස්තු මාසයේදී දෙහිවල ඇලෙහිිධජැ්බ ීඑර්සබැර’ නමින් පාවෙන කසල පාලිත බාධකයක් නිර්මාණය කළ අතර එමඟින් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 67,000 ක් සාගරයට එක් වීම වළැක්වීමට කටයුතු කර ඇත.



Video Story