ප්‍රයිම් රෙසිඩන්සීස් මූලික කොටස් නිකුතුවට මුල් දිනයේ දීම අධිදායකත්වයක්

    May, 12, 2021

    ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් හි මූලික මහජන කොටස් නිකුතුව ඊයේ (11) දින විවෘත වූ අතර ආරම්භක දිනයේ දීම ඒ සඳහා අධිදායකත්වයක් ලැබී තිබේ. ඒ අනුව මූලික අදියරේ දී සමාගම කොටස් මිලියන 100 ක් නිකුත් කිරීමට පියවර ගෙන තිබූ අතර අධිදායකත්වයක් පැවතීම හේතුවෙන් ඒහි දෙවන අදියර ලෙස තවත් කොටස් මිලියන 87.5 ක් නිකුත් කිරීමට කටයුතු කර ඇත.

    මෙහිදී ඒක් කොටසක් නිකුත් කරන මිල රු. 10.40 ක් වේ.

    මෙම මූලික කොටස් නිකුතුව අද (12) දින පස්වරු 4.30 ට වසා දැමීමට නියමිතය.

    ඡායාරූපය - ප්‍රයිම් සමුහයේ සම සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය සහ ප්‍රයිම් සමූහයේ සභාපති බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් මහතා

    Video Story

    Stock Market

    Exchange Rates