ප්‍රයිම් ලෑන්ඩ්ස් කොටස් වෙළෙඳපොළට. කොටසක් රු. 10.40 යි. මූලික නිකුතුව මැයි 11 විවෘත වෙයි

    April, 27, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුවීම සඳහා ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත අනුමත කර තිබේ.

    ඒ් අනුව සමාගම විසින් ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් මිලියන 100ක මූලික මහජන කොටස් නිකුතුවක් සිදුකිරීමට සැලසුම් කර තිබෙන අතර ඊට අධිදායකත්වයක් පැවතුණහොත් තවත් කොටස් මිලියන 87.5ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මෙහිදී මහජනතාව වෙත කොටසක් නිකුත් කරන මිල රු. 10.40 ක් වේ. ඒ් අනුව සමාගම විසින් සම්පාදනය කරගැනීමට යෝජිත සම්පූර්ණ ප්‍රාග්ධන වටිනාකම රු. බිලියන 1.95 කි.

    මෙම මූලික කොටස් නිකුතුව 2021 මැයි 11 දින විවෘත වීමට නියමිතය.

    ඒක් අයදුම්පතක් සඳහා අවම දායකත්වය කොටස් 1,000 කි. ඒනම් රු. 10,400/- ක්‌ වේ.