පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීමට කැබිනට් අනුමැතිය

    April, 20, 2021

    රැකියා වෙළඳපොළෙහි වැඩි ඉල්ලුමක් පවතින වෘත්තීන්හි ගුණාත්මක බව වැඩි කිරීම සඳහා ඉහළ වෘත්තීය පිළිගැනීමක් හා නිපුණතාවක් සහිත ගෝලීය වශයෙන් තරඟකාරී මට්ටමක වෘත්තිකයින් බිහි කිරීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇත.
    මෙරට තුළ උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා අවස්ථාව ලබනුයේ 20%ක පමණ ප්‍රතිශතයක් වන අතර එම අවස්ථාව හිමි නොවන කණ්ඩායම කාර්මික හා වෘත්තීය පුහුණුව සඳහා යොමු වීම සැලකිය යුතු මට්ටමක නොපවතී.
    එබැවින්, අදාළ දිස්ත්‍රික්කයන්හි නිෂ්පාදන අංශවලට අවශ්‍ය නිපුණතා වර්ධනය කරමින් රැකියා අවස්ථාවන්ට ගැළපෙන උපාධි ප්‍රදානය කරන උසස් අධ්‍යාපන ආයතන ලෙස පුරවර විශ්වවිද්‍යාල පිහිටුවීම පිණිසත්, ඒ සඳහා අවශ්‍ය කරනු ලබන නීතිමය ප්‍රතිපාදන සලසා ගැනීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.