November, 3, 2022
‘ද ෆිනෑන්ස්‘ සමාගම කොළඹ වාණිජ මහාධිකරණයේ අධීක්ෂණයට යටත්ව ගණන් බේරා වසා දැමීම සඳහා වූ පෙත්සමක් අධිකරණයට ඉදිරිපත්ව ඇති බවත්, එකී පෙත්සම 2022 දෙසැම්බර් 08 වන දින අධිකරණය ඉදිරියේ විභාගයට ගනු ලැබීමට නියම කර ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දොපර්තමේන්තුව පවසයි.
එකී පෙත්සම මත ආඥාවක් කරනු ලැබීම තහවුරු කිරීමට හෝ ඊට එරෙහි වීමට හෝ උත්සුක වන ‘ද ෆිනෑන්ස්‘ සමාගමේ ඕනෑම ණය හිමියෙකුට හෝ සහදායකයෙකුට එකී කාර්යය සඳහා නඩු විභාගයේ දී පෙනී සිටීමට හැකි බවත්, මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ.


Video Story