පොලී ගැන තීරණය 08 වෙනිදා

    April, 5, 2021

    2021 අංක 03 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය 2021 අප්‍රේල් මස 08 වැනි බ්‍රහස්පතින්දා පෙරවරු 7.30ට දැනුම් දෙනු ලබන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

    මෙහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකවල වෙනස්වීමක් සිදුකෙරනවාද නැද්ද යන්න පිළිබඳව දැනුම් දීමට නියමිතය.

    2021 අංක 02 දරන මුදල් ප්‍රතිපත්ති විවරණය පසුගිය මාර්තු 04 දින දැනුම් දුන් අතර එහිදී ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දෙන ලදී.

    ඒ අනුව,

    නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) - සියයට 4.50

    නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) - සියයට 5.50

    බැංකු අනුපාතිකය - සියයට 8.50

    ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)  - සියයට 2.00

    යන මට්ටම්වල නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුව තීරණය කරනු ලැබීය.

     

    Video Story

    Stock Market

    Exchange Rates