බංකොලොත් මූල්‍ය සමාගමක තැන්පතුකරුවන් වෙත මහ බැංකුවෙන් විශේෂ දැනුම් දීමක්

    July, 27, 2023

    ඈවර කිරීමට නියමිත මූල්‍ය සමාගමක් වන TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයෙහි මුදල් තැන්පත් කළ තැන්පත්කරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම් දීමක් කර තිබේ.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.

    TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය වෙත මුදල් ව්‍යාපාර කටයුතු සදහා නිකුත් කර තිබූ බලපත්‍රය 2019 සැප්තැම්බර් 19 වන දින අවලංගු කරන ලද අතර ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමයේ රෙගුලාසි වලට යටත්ව එක් තැන්පතුකරුවෙකුට උපරිමය රු. 1,100,000 කට යටත්ව වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගන්නා ලදී.

    2021 අංක 02 දරණ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රම රෙගුලාසිවලට අනුව TKS ෆයිනෑන්ස් ලිමිටඩ් හි තැන්පත්කරුවන්ගෙන් අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය 2023 සැප්තැම්බර් 19 වන දින වේ. 2023 සැප්තැම්බර් 19 වන දිනට පෙර TKS ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනය ඈවර කිරීම සම්බන්ධයෙන් නිසි බලය ඇති අධිකරණයක් විසින් ඈවරකරුවෙකු පත් කරනු ලැබුවහොත්, ඈවරකරු පත් කරන දිනය හිමිකම් අයදුම්පත් භාරගැනීමේ අවසාන දිනය වේ.

    රක්ෂණ වන්දි ලැබීමට සුදුසුකම් ලැබූ නමුත් තවමත් රක්ෂණ වන්දි ලබාගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කර නොමැති සියලුම ටී.කේ.එස්. ෆයිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ තැන්පත්කරුවන්/ නීත්‍යානුකූල හිමිකම්ලාභීන් නිසි ලෙස සම්පූර්ණ කරන ලද හිමිකම් පෑමේ අයදුම්පත සහ ප්‍රකාශය/ කැමැත්ත ප්‍රකාශ කිරීමේ පෝරමය අදාල අයදුම්පත් වල දක්වා ඇති උපදෙස් හි සඳහන් වන නියමිත ලිපි ලේඛන ද සමඟ 2023 සැප්තැම්බර් 19 වන දිනට පෙර, ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ තැපැල් කාමරය වෙත ගෙනවිත් භාර දීම හෝ පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කිරීම කල යුතු වේ.