බංග්ලාදේශයෙන් ඩොලර් මිලියන 50 ක් මේ සතියේ දී ශ්‍රී ලංකාවට

    August, 18, 2021

    විදේශ විනිමය අර්බුදයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා බංග්ලාදේශය දරන උත්සාහයේ කොටසක් ලෙස Bangladesh Bank විසින් ඒක්සත් ජනපද ඩොලර් මිලියන 50 ක මුදලක් මෙම සතිය තුළ දී ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිතය.

    බංග්ලාදේශ මාධ්‍ය විසින් මේ බව වාර්තා කරමින් පවසන්නේ මෙය බංග්ලාදේශයෙන් ඕනෑම රටකට ණයක් ලබා දෙන පළමු අවස්ථාව බවයි. ඒ සඳහා ගිවිසුම පසුගිය දා ශ්‍රී ලංකා මහ බැංකුව සහ බංගලාදේශ බැංකුව අතර අත්සන් තැබිණි.

    මෙම ගිවිසුමට අනුව බංග්ලාදේශ බැංකුවෙන් ඩොලර් මිලියන 250 ක් ශ්‍රී ලංකාවට ලබා දෙන අතර අදියර 3 කින් ඒම මුදල් ලබා දෙනු ඇත. ඒහි පළමු වාරිකය ඒ අනුව මෙම සතිය තුළ දී ලැබීමට නියමිත වේ. ඉතිරි කොටස් ඩොලර් මිලියන 100 බැගින් වූ වාරික දෙකකින් ඉදියේ දී ලැබෙනු ඇත.

    මේ අතර 2021 ජූලි මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇති නිල සංචිත වත්කම් ප්‍රමාණය ඩොලර් මිලියන 2,833.5 ක් වන අතර ඒයින් විදේශ විනිමය සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 2,364.6 ක් ලෙසින් වාර්තා වේ.