බලපත්‍ර අවලංගු කළ මූල්‍ය සමාගම්වල තැන්පත්කරුවන්ට වැඩිපුර වන්දි ගෙවීමේ තීරණයක්

    April, 5, 2021

    බලපත්ර අවලංගු කළ/ අත්හිටවූ මූල්ය සමාගම්වල තැන්පත්කරුවන් වෙත ශ්‍රී ලංකා මහ බැංකුවෙන් දැනුම් දීමක් සිදුකර තිබේ. මෙම දැනුම් දීම හරහා ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ පවසයි.

    “ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය සම්බන්ධව එවකට පැවති විධිවිධාන ප්‍රකාරව එක් අයෙකුට රු. 600,000/- ක උපරිමයකට යටත්ව එකී ආයතනවල තැන්පත්කරුවන්ට/ අදාළ නීත්‍යානුකූල හිමිකම්ලාභීන්ට රක්ෂණ වන්දි ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පියවර ගන්නා ලදී. එම ආයතනවල තැන්පතුකරුවන්ට තව දුරටත් සහන සැලසීමේ අරමුණින් ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ සහ ද්‍රවශීලතා ආධාරක යෝජනා ක්‍රමය යටතේ පිරිනමනු ලබන උපරිම වන්දි මුදල් සීමාව රු. 600,000/- සිට රු. 1,100,000/- දක්වා ඉහළ දැමීමට නොබෝදා රැස්වූ මුදල් මණ්ඩලය විසින් තීරණය කරන ලදී.“

    සෙන්ට්රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී., ද ස්ටෑන්ඩර්ඩ් ක්රෙඩිට් ෆිනෑන්ස් ලිමිටඩ්, ටී.කේ.එස්. ෆිනෑන්ස් ලිමිටඩ්, ද ෆිනෑන්ස් කම්පනි පී.එල්.සී., ඊ.ටී.අයි. ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆිනෑන්ෂල් සර්විසස් පී.එල්.සී.යන ආයතනවල තැන්පත්කරුවන්ගේ අවධානය පිණිස ශ්රී ලංකා මහ බැංකුව විසින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

    අදාළ නිවේදනය පහතින් දැක්වේ.