බොරතෙල් මිල පහළට

    July, 27, 2026

    ඇමරිකා - ඉරාන ගැටුම්වල යම් විරාමයක් දැකිය හැකි අද (27) දිනයේ දී ගෝලීය ඉන්ධන මිල ගණන්වල පහළ යාමක් වාර්තා වේ.

    ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් මිල බැරලයක් ඩොලර් 91 මට්ටමටත් WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 84 මට්ටමටත් ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 11 පමණ වන විට පැමිණ තිබුණි.

    පසුගිය බ්‍රහස්පතින්දා (23) දිනයේ දී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 101 සීමාව ඉක්මවා ගොස් තිබුණු අතර එදින WTI බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 මට්ටම ඉක්මවා ගොස් තිබුණි.