June, 4, 2026
මුදල් අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය විසින් ඊයේ (03) දින කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී දින 182 හා දින 364 ඵලදා අනුපාතිකයන් 10% මට්ටම ඉක්මවා ගොස් තිබේ.
එහිදී දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 9.68% සිට 10.01%ක් දක්වා සහ දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 9.83% සිට 10.02%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 9.36% සිට 9.84%ක් දක්වා වැඩි වී ඇත.
ඊයේ පැවති වෙන්දේසිය සඳහ රු. මිලියන 140,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය පවසන්නේ ඊට රු. මිලියන 213,085ක ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බවයි. කෙසේවෙතත් ලංසු පිළිගෙන තිබුණේ රු. මිලියන 111,164ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයකට පමණි.

Video Story