මහජන ඩිජිටල් සේවා නැංවීම උදෙසා ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර සාකච්ඡාවක්

    July, 13, 2026

    ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වුණු කෘතිම බුද්ධි පාලනය පිළිබඳ ගෝලීය සංවාදය, තොරතුරු සමාජය පිළිබඳ ලෝක සමුළුව (WSIS Forum) සහ "AI for Good Global Summit 2026" යන සමුළුවලට සමගාමීව, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා සහ මැලේසියාවේ සන්නිවේදන අමාත්යාංශයේ මහලේකම් ගරු, දාතුක් අබ්දුල් හලීම් බින් හම්සා මහතා අතර නිල හමුවක් පැවැත්විණි.
    මෙහිදී මහජනතාව වෙත වඩාත් ගුණාත්මක සහ ඉහළ මට්ටමේ ඩිජිටල් සේවාවන් සැපයීම සම්බන්ධයෙන් දෙරට සතු සාර්ථක අත්දැකීම් සහ උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳව දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු කරගැනීම සිදු විය.