මහ බැංකුවෙන් ක්ෂණික ඇමතුම් අංකයක්

    August, 11, 2021

    පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සිදු කරනු ලබන විමසීම් සඳහා ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වාදීම

    1949 අංක 58 දරන සංශෝධිත මුදල් නීති පනතේ 33 වන වගන්තිය ප්‍රකාරව ස්ථාපනය කරන ලද මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතන සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයින් විසින් සිදුකරන පැමිණිලි හැසිරවීමේ තනි ඒ්කකයක් ලෙස කටයුතු කරයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන ආයතනයක්  සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන මූල්‍ය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පැමිණිල්ලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රයක් මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙන ලදී. මෙමගින් පැමිණිලි හැසිරවීමේ ක්‍රියාවලිය විධිමත් ආකාරයෙන් කාර්යක්ෂමව සිදුවනු ඇති අතර මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය භාවිත කර නිවැරදි තොරතුරු සහිතව පැහැදිලි හා සංක්ෂිප්ත පැමිණිල්ලක් යොමු කිරීම සඳහා මූල්‍ය පාරිභෝගිකයින් උනන්දු කරවනු ලැබේ. මෙම පැමිණිලි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රයේ මෘදු පිටපතක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පහත වෙබ් අඩවි දිගුවෙන් බාගත කළ හැකිය.

    https://www.cbsl.gov.lk/sites/default/files/fcrd_complaint_submission_form_s.pdf

    ඒසේම නුදුරු අනාගතයේ දී මාර්ගගත ක්‍රමය ඔස්සේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමේ වෙබ් ආකෘති පත්‍රයක් ද හඳුන්වා දෙනු ඇත.