මහ බැංකුවෙන් සියලු බැංකුවලට නියෝගයක්. විදෙස් මුදල් තැන්පතු ගිණුම්වලට ගෙවන උපරිම පොළියට සීමාවක්

    August, 26, 2021

    2021 අගෝස්තු 24 දින සිට බලපැවැත්වෙන පරිදි සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා බැංකු විසින් ලබා දිය හැකි උපරිම පොළී අනුපාතිකය 5% ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලු වාණිජ බැංකු සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව වෙත නියෝග කර ඇත.

    මෙම නව නීතිය සියලුම නව විදේශ මුදල් තැන්පතු, දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු සහ විදේශ මුදල් කාලීන තැන්පතු අළුත් කිරීමේදී අදාල වේ.

    1949 අංක 58 දරණ මුදල් නීති පනතේ 104 (1) (අ) වගන්තිය යටතේ මෙම නියෝගය නිකුත් කරන ලදී.

    කෙසේවෙතත් විශේෂ තැන්පතු ගිණුම්වල දී අතිරේක පොළී අනුපාතිකයක් ගෙවීමට හැකි බැවින් එම ගිණුම් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොළිය 5%කට වඩා වැඩිවනු ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

    Video Story

    Stock Market

    Exchange Rates