May, 21, 2026
ශ්රී ලංකා මහ බැංකුව විසින් අද (21) දිනයේ දී ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 342.63ක් සහ විකුණුම් මිල රු. 354.03ක් ලෙස වාර්තා වී තිබේ.
මෙය ශ්රී ලංකා මහ බැංකුවට අනුව 2023 මාර්තු 02 දිනෙන් පසු එක්සත් ජනපද ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ.
ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් 2022 මැයි 12 දින වාර්තා වී තිබෙන අතර එහි දී ගැනුම් මිල රු. 364.22ක් ලෙසත් විකුණුම් මිල රු. 377.49ක් ලෙසත් සටහන්ව තිබිණ.
Video Story