June, 15, 2026
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් අද (15) දිනයේ දී කැපීපෙනෙන ලෙස පහළ ගොස් තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රු. 331.42 සිට රු. 326.34ක් දක්වා ත්, විකුණුම් මිල රු. 341.36 සිට රු. 336.58ක් දක්වා ත් පහළ ගොස් තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකිය.
මේ අතර අද (15) පෙරවරුවේ දී මෙරට වාණිජ බැංකු කිහිපයකම ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් පසුගිය සිකුරාදා (12) දිනට සාපේක්ෂව පහළ ගොස් තිබුණි.
June, 15, 2026
Video Story