මාතරට අක්කර 200ක කර්මාන්ත කලාපයක්

    October, 21, 2021

    ප්‍රාදේශීය මට්ටමේ නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය කර්මාන්තපුර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. දකුණු පළාත තුළ මෑත කාලයේ සිදු කරනු ලැබ ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතීන්ට සමගාමීව මාතර දිස්ත්‍රික්කය තුළ කර්මාන්ත ඉලක්ක කර ගත් නව සංවර්ධන කලාපයක් වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ චාලිමවුන්ට්වත්ත/හල්ලලවත්ත කේන්ද්‍ර කර ගත් අක්කර 200ක ඉඩම් කොටසක ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
    ඒ අනුව, කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් සැලකිල්ලට ගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය ලබා දීමටත්, එම ව්‍යාපෘතියට මෙන්ම එම ප්‍රදේශයේ සංවර්ධනය සඳහා හඳුනාගෙන ඇති ප්‍රමුඛ ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ඉඩම් කොටස්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අදාළ වතු යායේ ආර්ථිකමය වශයෙන් ඵලදායී වගා කටයුතු සඳහා යොදා ගැනීමට නොහැකි කොටස්වලින් වෙන් කර ගැනීම පිණිස ඉදිරි පියවර ගැනීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.