May, 18, 2026
විදේශ විනිමය කළමනාකරණය කිරීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ලෙස මාස 3ක කාලයක් සඳහා ත්‍රීරෝද රථ හැර දැනට රේගු බදු පනවා ඇති මෝටර් වාහන ආනයනය මත 2026 මැයි 16 දින සිට ක්‍රියාත්මක වන පරිදි රේගු ආනයන බද්ද මත 50% ක අධිභාරයක් රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ පනවා ඇත. එසේ වුවද, එය 2026.05.15 දින හෝ ඊට ප්‍රථම ණයවර ලිපි විවෘත කරන ලද වාහන සඳහා මෙම අධිභාරය අදාළ නොවේ.
කෙසේවෙතත් එම ණයවර ලිපිය/ලිපි 2026.05.15 ට පසුව වාහන සංඛ්‍යාව, වාහන හඳුනා ගැනීමේ අංකය, වාහනයේ විස්තරය හෝ වාහනයේ තාක්ෂණික පිරිවිතර යන කරුණු සම්බන්ධයෙන් ණයවර ලිපිය/ලිපි සංශෝධනය සිදු කරන්නේ නම්, එසේ ආනයනය කරන ලද වාහන රේගු ආඥා පනතේ 10(අ) වගන්තිය යටතේ 2026.05.15 දිනැති අංක 2488/56 දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශිත අධිභාරය ගෙවීමට යටත්වන බවට 2026.05.17 මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික කටයුතු අමාත්‍යවරයා විසින් 2488/69 අංක දරණ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.

Video Story